පාස්කු ප්‍රහාරයේ විමර්ශණ වාර්තාව පල වේ

පාස්කු ප්‍රහාරය විමර්ශණය කිරීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්ථාව රජය විසින් පාර්ලිමෙන්තුනට භාර දී ඇති බව මෙහිදී වාර්ථාවේ.

එම වාර්ථාවෙන් කියැවෙන්නේ, පාස්කු ප්‍රහාරය සිදුවීමට ප්‍රධාන හේතුව, හිටපු ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නොසැලකිලිමත්කම බවය. ප්‍රහාරය පිළබඳව අනතුරැ අඟවීම් සහ බුද්ධි වාර්ථා රැසක් තිබියදී, ත්‍රස්ත පහාර තර්ජනයට එරෙහිව ක්‍රියා නොගැනීම සහ, විදේශ සංචාරයකට පිටත් වීමේදී, තාවකාලික ආරක්ෂක ඇමතිවරයෙක් පත් නොකිරීමය යන චෝදනා සිරිසේන තුමාට එල්ල වී ඇත.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ද, ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයෙකු ලෙස නම් කල ඇතත්, එතුමාට විරැද්ධව ක්‍රියා පිලිවෙලක්, වාර්තාවෙන් යෝජනා වී නැත. ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රාහීම් නැමැත්තාට රජයෙන් තඹ ලබාගැනීමට සහවූවා යයි සැක කෙරෙන බයිතුද්දීන් මන්ත්‍රි තුමා විමර්ශණය කල යුතු බවද සඳහන් වේ.

හටපු පොලීස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට විරැද්දව විනස ක්‍රියාත්මක කල යුතු බවත් මෙම වාර්ථාවෙන් කියැවේ.

පාස්කු ප්‍රහාරයට හේතු සාධක ලෙස, බොදු බල සේනාව ප්‍රමුඛ ජාතිවාදී සිංහල සංවිධාන ගෙන ගිය වැඩ පිලිවෙල සහ තව්හීද් ජමාත් වැනි සංවිධාන වල විකෘති ඉගැන්වීම්, ඉදිරිපත් කර ඇත. 

 

Comments