හකීම් මහතාට ඩීල් එක වැරදිලා

20ඒ ව්‍යවස්ථා සංශෝධනයට තමන් ගේ ඡන්දය දුන්නේ, කෝවිඩ්-19 මරණ භූමධානය කිරීමට අවසර දෙනවා යැයි ආණ්ඩුව දුන් පොරොන්දුවක් නිසා බව පාර්ලිමෙන්තු මන්ත්‍රි රව්ෆ් හකීම් මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාෂ කරයි. එලෙස තම ඡන්දය දීලත් භූමධානය පිළබඳ ප්‍රශ්නයට කිසිඳු විසදුමක් නොලැබීම ගැන එතුමා කනගාටුව ප්‍රකාෂ කරන ලදී.

මෙම ප්‍රකාෂයෙන් පෙනී යන්නේ වත්මන් රජය තුල ඩීල් සංස්කෘතියක් පෙර සේ පවත්වාගෙන යන බවයි. ශ්‍රී ලංකා ජනයාගේ මූලික මානව අයිතිවාසිකම් සුරකිනටත්,  සෘජු දේශපාලන මෙහෙයුමක් වෙනුවට පටු ඩීල් ගිවිසුම් ගැසීමට තරම් බංකොලොත් වාතාවරණයක් රජය තුල ඇති වීම කනගාටුවට හේතවකි. අන්තර් පාකෂික ඩීල් පමණක් නොව අන්තර් ජාතික ඩීල් රැසක් මේ ආණ්ඩුව විසින් ගෙන යන බවට කථා බොහො ගනණක් ඇත. එම ඩීල් වලින් සාමාන්‍ය ජනයාට සෙතක් ඇතිද යන්න සැක සහිත ප්‍රශනකි.

රව්ෆ් හකීම් මන්ත්‍රි තුම තේරුම් ගත යුත්තේ, එතුමා දාන නොදාන ඩීල් ගැන ජනතාවට කිසිම උනන්දුවක් නැති බවත්, එක එකා එක්ක ඩීල් නොදා ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවංක ව්‍යාපරක් ගෙන යා යුතු බවය. වත්මන් කොරෝනා ප්‍රතිපත්ති හේතුකොටගෙන සාමාන්‍ය ජනයාට වෙන මේ අසාධාරණය සහ අයුක්තියට පිලියමක් නොලැබුනහොත් හකීම් මැතිතුමාට තව දුරටත් ඩීල් ගැසීමට වැඩි කාළයක් නොලැබෙයි.

Comments