තුර්කීය රජය අප රටට වාතාශ්‍ර යන්ත්‍ර දහයක් සහ පුද්ගලික ආරක්ෂක උපකරණ රැසක් පරිත්‍යාග කරනු ලැබේ. තුර්කීය තානාපතිණිය, මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් වන ඇඩ්මිරල් ආචාර්‍ය ජයනාත් කොළඹගේ මහතාට පෙබරවාරි දහඅට දිනයේ, භාර දුන්නාය. තුර්කීය රජයට ලංකාවේ කෘතඥ්ඤය ප්‍රකාෂ කළ විදේශ ලේකම් තුමා, අප රටවල් දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගය දියුණු කළ යුතු යයි කියා සිටියේය.
ස්වසනයෙහි අමාරැකම් ඇති රෝගීන්ට තාවකාලිකව හුස්මගැනීම පහසු කිරීමට වාතාශ්‍ර යන්ත්‍ර උපකාර වේ. වත්මන් කෝවිඩ්-19 ආසාධිත රෝගීන්ට සත්කාර කිරීමේදී වාතාශ්‍ර යන්ත්‍ර අත්‍යවශය උපකරණයක් බැවින් මෙම පරිත්‍යාගය කාළෝචිත එකකි.
කෝවිඩ්-19 වසංගතය පාලනය කිරීමට බොහෝ රටවල් ආධාර දී ඇති නමුත්, ණය බර රහිතව, තුර්කීය රජය මෙම යන්ත්‍ර ලබාදීම, විශේෂ කරැණකි.

Comments
Post a Comment