කෝවිඩ්-19 ආසාදිත වී මිය යන රෝගීන්ගේ දේහ වැලලීමට රජය පාලු දූපත් සොයන බව මෙතනදී වාර්ථා වෙයි. මෙයට හේතුව එම මෘත දේහ භූගත ජලයෙන් ඈත් කිරීමට බව රජය පවසයි. භූගත ජලයෙන් කෝවිඩ්-19 වෛරසය පැතිරිය නොහැකි බව ප්‍රසිධ්දියේ පාර්ලිමෙන්තුවේ ප්‍රකාෂයක් කළ මෙම රජය, නැවතත් එම හේතුව ඉදිරපත් කරමින්, කෝවිඩ්-19 ආසාදිත වී මිය ගිය ජනයාගේ දේහ භූමදානය කිරීමට ප්‍රමාද වීම, කනගාටුවට හේතු වේ. එපමණක් නොව, මෙවැනි පටහැනි ප්‍රකාෂ නිකුත් කිරීමෙන් ආණ්ඩුව කෙරෙහි ජනයා සතු විශ්වාසය ක්ෂීණ වී ඇත.
කෝවිඩ්-19 ආසාදිතයින් ආදාහනය කිරීම නීතියෙන් අනිවාර්‍ය කළ මෙම රජය එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමෙන් විවේචනයට ලක්වීමත් සමඟ එම නීතිය අහෝසි කළ ඇතත්, වද්‍යානුකූල පදනමක් රහිත හේතු ඉදිරිපත් කරමින්, භූමදානයට අවසර සහ පහසුකම් ලබා දීම තව තවත් ප්‍රමාද කිරීමෙන් ජනතාව පීඩාවට ලක් කරන්නේ කුමකටද? මෙලෙස පාලු දූපත් වලට තම ඥාතීන්ගෙ මළ දේහ ප්‍රවාන කිරීමට ගාස්තුව, ඒ ඒ පවුල් වලින් අය කරනවා යැයි රජය පවසන්නේ, අද ජනයා ආර්ථික වශයේන් අමාරැකම් වලට මුහුණ දෙන බව නොදැනුවත් කමින්ද?
මෙම ප්‍රශ්නයෙන් පීඩා විදින ජනයා සුලුතරයක් වූවද, මෙවැනි ක්‍රියාකාරකම් වලින් සමස්ථ ජනයාට ඉදිරියේදී විශාල ප්‍රශන වලට මුහුණ දීමට සිදුවේ යයි අනාවැකි බහෝ ඇත. එම නිසා, මෙවැනි නිශ්ඵල ක්‍රියාවන්ට එරෙහිවීම සමස්ථ ලංකා වාසීන්ගේ වගකීමයි.

Comments
Post a Comment